ගජගා සෙවනැලි

August 26, 2026

කොළඹ හදවතේ කළු පැල්ලම: බේරේ වැවෙහි ජල දූෂණය සහ පාරිසරික නීතිය

තෙනුජා ප්‍රනාන්දු

නීතිවේදී(ගෞරව)කොළඹ විශ්ව විද්‍යාලය,නීතිඥ, කථිකාචාර් ය(ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය)

හැදින්වීම

2026 අගෝස්තු 03 දින කොටුව පා වෙන වෙළදපොළ සංකීර් ණය ඉදිරිපිට පිහිටා ඇති බේරේ වැවෙහි ඡායාරූපයක් ඉහතින් දැක්වේ. කොළඹ ප්‍රදේශය තුල නාගරීකරණය වූ පරිසර තත්වයක් හදුනාගත හැකිය. 2018 වර් ෂය තුල Ramsar නගර තෙත් බිමක් ලෙස මේ ආශ්‍රිත ප්‍රදේශය හදුනාගනු ලබයි(Ramsar Wetland City Accreditation).බේරේ වැව යනු එකී තෙත් කලාපිය පාරිසරික ජෛව පද්ධතිය සහිත පරිසර කලාපයක් වන අතර විවිධ මානව ක්‍රියකාරකම්හි ප්‍රතිපල ලෙස එය දුෂණය වී ඇති බවට උක්ත රූප රාමුව තුලින් දැක්විය හැකිය. ඒ අනුව උක්ත  රූපරාමුව හරහා පාරිසරික නීති තත්වය හා ඒ සදහා පවතින නිර් දේශයන් හා පිළියම් විශ්ලේෂණය කරනු ලබයි. 

පාරිසරික ගැටළුව

water pollution is the pollution of freshwater, which decrease its purity and often makes it unsuitable for use as a water resource ,if not dangerous to human health”

මෙම ඡායාරූපය නිරූපිත බේරේ වැව ජලාශය මතුපිට පැහැය වෙනස් වී ඇති අතර  එයට හේතුව වනුයේ නීල හරිත ඇල්ගී  විශේෂය පැතිර යාම නිසාත් ,අභ්‍යන්තරයට සූර් යාලෝකය ගලා නොයාම හේතුවෙන් බැක්ටීරියා සක්‍රීයවීම මත ජලය දුෂණය වී ඇත. කොළඹ නගරය තුළ පිහිටා ඇති ජෛව විවිධත්වයෙන් ඉහල අගයක් ගනු ලබන පරිසර පද්ධතියක් හිමි තෙත්බිම් කලාපය තුළ පක්ෂීන්, මත්ස්‍යයන්, උරග විශේෂ හා උභය ජීවීන්ගේ වාසස්ථාන පවතින ස්ථානයක් වේ. පැවති සමීක්ෂණ වාර් තා අනුව  බේරේ වැව ජලජ ජීවී පරිසර  පද්ධතියක් ලෙස සැලකිය යුතු පාරිසරික අගයකින් යුතු බවද සොයාගෙන ඇත. මෙහිදී අනවසර ඉදිකිරීම් කර්‍රමාන්ත ශාලාවලින් නිකුත් කරනු ලබන මලපවහන පද්ධති හැරවීම,පොලිතින් ආදී නාගරික අපද්‍රව්‍ය බැහැර කිරීම  (organic pollution) නිසා ජලාශය  දූෂණය වී ඇත. එයින් උද්ගතවී පවතින අනෙක් ගැටළුව වනුයේ නිසි කලට කසල ඉවත් කිරීම අක්‍රමවත් වීම මත  එම ජලාශය අවට සිටින ජනතාවට එහි දුර් ගන්ධය ඇතිවීම හා ජලයේ පෝෂ්‍ය පදාර් ථ සදහා රසායනික වෙනස් වීමක් ඇති වීම මත ජල දුෂණය සිදුව තිබීමයි.

ව්‍යවස්ථාපිත නීතිය සහ විනිශ්චිත නඩු තීරණ

ජාතික පාරිසරික පනත යටතේ දේශීය ජල තීරය දුෂණය කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපාදන පවතී. එනම් එම පනතේ ජල දුෂණයක් යන්න අර් ථ නිරූපණය කොට ඇත. ඒ අනුව ,කිසිම තැනැත්තෙකු විසින් ශ්‍රී ලංකාවේ දේශීය ජල තීරයක් හෝ දේශීය ජල තීරයෙන් යම් කොටසක් හෝ අපවිත්‍ර කිරීම, සෞඛ්‍යයට සුබ සාධනයට ආරක්ෂාවට හෝ දේපලට හානිකරවීම, සත්වයන්ට පක්ෂීන්ට වන සතුන්ට මත්ස්‍යයන්ට ශාකවලට හෝ වෙනත් ආකාරයේ ජීවින්ද විෂ සහිත වීම හෝ හානිදායක වීම නැතහොත් ඒ ජල තීරයේ වැඩදායි ලෙස උපයෝගී කිරීමෙහිලා හානි කරවීම මගින් ඒ ජල තීරයේ භෞතික රසායනික හෝ ජෛවීය තත්ත්වයන් වෙනස්වන ආකාරයෙන් ඒ දේශීය ජල තීරය දුෂණය කිරීම යන්න පනතෙහි දක්වා ඇත. මේ යටතේ බේරේ වැව කසළ බැහැර කිරීම හා අපජලය මුදාහැරිම මත දුෂණය වී ඇති රසායනික හා භෞතික ආකාරයෙන් එහි තත්වය වෙනස් වීම මත ජල දුෂණය සිදුව ඇත.

 Water resource Board පනත මගින් ජල කලමනාකරණ මණ්ඩලයට රටෙහි ජල සම්පත් පාලනය නියාමනය හා සංවර්ධනයට අදාළව වගකීම් ඇත.ඒ අනුව ගංගා ඇළ දොළ සහ අනෙකුත් ජල සම්පත් දූෂණය වැළැක්වීම රටෙහි ජල සම්පත් සංරක්ෂණය කිරීම සඳහා  ජාතික ප්‍රතිපත්තීන් නිර් මාණය කිරීම මගින් නියාමනය කිරීම බලය ලබා දීම තුල ජල දුෂණය වැලක්විමෙහිලා බලය පවරා ඇත. බේරේ වැවට  අපජලය මුදා හැරීම හා කසළ බැහැර කිරීම නිසා ඇතිවන දුර් ගන්ධය හා ගංවතුර ඇතිවීම සම්බන්ධයෙන් සිදු වන මහජන පීඩාව මත දණ්ඩ නීති සංග්‍රහය 261 වගන්තිය මගින් මහජනතාවට හෝ සාමාන්‍යයෙන් අසල පදිංචිව සිටින දේපල භුක්ති විඳින ජනතාවට පොදු පාඩුවක් අන්තරායක් හෝ අප්‍රසන්නතාවයක් ඇති කල විට එම තැනැත්තා වරදකරුවෙක් වන අතරම අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේද  විලක් ඇලක් වැනි ජල මාර් ගයකට නීත්‍යානුකුල නොවන සේ බාධා කරමින්  මාර් ගයකට අපද්‍රව්‍ය බැහැර කිරීම මගින් ජලය අපවිත්‍ර කිරීම,යම් කර් මාන්තයක් මගින් නිකුත් කරන අපද්‍රව්‍ය යම් ජල මාර් ගයකට බැහැර කිරීම තුළින් මහජනයාගේ සෞඛ්‍යයට අහිතකර වන විට නියෝග නිකුත් කිරීමේ නීතින් මගින්  බේරේ වැවේ ජල  දුෂණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ලෙස හදුනාගත හැකිය.

මේ හා සම්බන්ධ විනිශ්චිත නඩු තීරණ ලෙස Ravindra Gunawardena Kariyawasam v Central Environmental Authority and others (Chunnakam Power Plant Case) නඩුවේදී  ඛනිජ තෙල් පරිසරයට හා ප්‍රදේශයේ ජල මූලාශ්‍රවලට එකතු වීමෙන් ඇති වූ ජල දුෂණය මත භූගත ජලය මිනිස් ප්‍රයෝජනයට නුසුදුසු විය .එහිදී ජයවර්ධන විනිසුරු “ පිරිසිදු ජලය ජීවිතයේ අවශ්‍යතාවයක් වන බවට රාජ්‍ය ප්‍රතිපත්ති අර් ථ නිරූපණය කරමින් දක්වන ලදී.මෙලෙස පාරිසරික අයිතිය සමග, ජීවත්වීමේ අයිතිය යන්න අධිකරණය විසින් අර් ථ  නිරූපණය කරමින්  එයට සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමේ අවශ්‍යතාවය සඳහා පිරිසිදු ජලය හා පිරිසිදු පරිසරයේ ඇති අයිතීන්ද ඇතුළත් වන බවට M.C Mehta vs Union of India නඩුවේදී දක්වන ලදී.ඒ අනුව දැක්විය හැකි වනුයේ අධිකරණ ප්‍රවේශය හරහා අයිතීන් ආරක්ෂා කරමින් ජල දුෂණය වැලක්වීමේ නීතිය තත්වාකාරවාදී ගුරුකුලය මත පදනම් වී ඇත. එලෙසම Ja Ela sewerage case නඩුවේදී අනවසර කාණු පද්ධතියක් හරහා  මලාපවහන අපජලය  අත්තනගලු ඔයට මුදා හැරීම සිදු කල පැවතියේ කිසිදු ව්‍යවස්ථාපිත අධිකාරියකින් ගොඩනැගිලි අනුමැතියකින් තොරවය. එහිදී විධිමත් පරිදි කසල බැහැර නොකිරීමට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයට  නඩුවක් ගොනුකොට ඇත.නඩු තීරණ ඔස්සේ පරිසරය ආරක්ෂා කරගැනීමෙහිලා නෛතික පිළියම්  ගෙන ඇති ආකාරය පරිදි ඉහත පාරිසරික ගැටලුව වෙතද  රාජ්‍ය පාර් ශවයේ අවධානය යොමු කල යුත්තකි.

මෙහි දී මෙම පර් යේෂණය මගින් පහත ගැටලු ත්‍රිත්වය හදුනාගන්නා ලදී.

  • පාරිසරික සමතුලිතතාවයට ඇති බලපෑම

මෙම පාරිසරික  කලාපය ජලජ ජීවීන්ගෙන් යුතු සමබර පාරිසරික කලාපයක් ලෙස හඳුනා ගනු ලබන අතරම  නාගරික අපද්‍රව්‍යවල පවතින පොහොර සහ ඩිටර් ජන් හේතුවෙන්  ජල පද්ධතිය පවත්නා පෝෂ්‍ය සංඝටක වර් ධනය වීම නිසා එහි ප්‍රතිඵලයක් ලෙස ඇල්ගී හා බැක්ටීරියා වැනි ජලජ පැළෑටි වේගයෙන් වර් ධනය වන අතර එමඟින් ජලයේ ඇති ආලෝකය සහ ඔක්සිජන් යන දෙකම අවම වීම නිසා  එය  සත්ව වර් ගයන්ට හා ජෛවිය ශාකයන්ටද නුසුදුසු වී තිබේ. ඒ අනුව පර් යේෂණ මගින් දක්වනුයේ මත්ස්‍ය ගණත්වයද අඩු වී ඇති බවයි. එයට නිදසුන් ලෙස 2006 වසරේදී බේර වැව ආශ්‍රිත කිවුල් දිය හා මිරිදිය මසුන්ට වැළදුණු වණ රෝගයක් හේතුවෙන් මසුන් සිය ගණනක් මිය යාම, රූප රාමුව පරිදි කසළ හා ජලයේ පැහැය වෙනස් වී ඇති ආකාරය දැකගත හැකියි. ඒ අනුව මෙලෙස නැඟෙනහිර වැව අවට පැල්පත් ගණනාවක් ඇති අතර පැල්පත්වාසීන් කසළ, අමු අපද්‍රව්‍ය සහ අපජලය සඳහා බේරේ බැහැර කරන ස්ථානයක් වී ඇති බැවින් එය වැවෙහි  පෝෂක හා කාබනික බරට දායක වී ඇති අතර එමගින් ජලාශයේ කාබනික දූෂණය, මසුන් මියයාම සහ eutrophication බොහෝ ස්ථානවල දෘශ්‍යමය වශයෙන් නිරීක්ෂණය වීම දැකිය හැකිය. එමගින් පරිසර පද්ධතියට විශාල බලපෑමක් වී ඇති බව ගම්‍ය වේ.

  • සමාජීය ජිවිතයට ඇති බලපෑම

පාරිසරික ගැටළුවේ ප්‍රතිඵල ලෙස අසල වෙසෙන ජනතාවට අධික දුර් ගන්ධයකින් හා මැසි මදුර උවදුරු හේතුවෙන් ඇතිවන ලෙඩ රෝග හේතුවෙන් ජනතාව පිීඩාවට පත් වී ඇත. ක්‍රමානුකුලව කසල බැහැර නොකිරීම මත ජල දුෂණය හේතුවෙන් අතීසාරය ,ආසාධිත හෙපටයිටීස් වැනි රෝග වලට ගොදුරු වීමේ හැකියාව හා බේරේ වැවට  ඝන අපද්‍රව්‍ය හැරවීම සම්බන්ධයෙන් දුෂණයට ලක් වූ ප්‍රධාන ජල මූලාශ්‍රයක් ලෙස හඳුනා ගැනීම හේතුවෙන් නගරයේ කානු පද්ධතියද එම නිසා අවහිර වී සුළු වර් ෂාවකදී වුවද කොළඹ නගරය වැසි ජලයෙන් යටවීමේ තර් ජනයට ලක් වී තිබේ. එබැවින් සෞඛ්‍යමත් ජිවිතයක් ගත කිරීමේ අයිතිය හා වාසස්ථානය සම්බන්ධව ඔවුන්ට ජීවත් වීමේ අයිතිය ඇතුළුව අයිතීන් තර් ජනයට ලක්වීම මත නාගරීකරණය වූ ප්‍රදේශයක සාමාජිය ජිවිතයේ පවුල නම් කුටුම්බයට බලපෑම් එල්ල වීමද දැක්විය හැකිය.

  • තිරසාර සංවර් ධනයට ඇති බලපෑම

Meeting the needs of the present without compromising the ability of future generations to meet their own needs       – Bruntland Report, 1987

තිරසාර සංවර්ධනය සදහා වූ ජලය භාවිතයට ගැනීම(Water for sustainable Development) යන තේමාව මත බේරේ වැව තුල සිදු වන ජල දුෂණය සාකච්ඡා කල හැකිය. වත්මන් තිරසාර සංවර්ධන අරමුණු වල 6 වන අරමුණ ලෙස පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව(Clean water and sanitation) යන්න දැක්වේ. එකී අරමුණ සාක්ෂාත් කිරීම කල යුත්තේ පරිසර සංරක්ෂණය කරමින් ආර්ථික සංවර්ධනය ඇති කිරීම යන්න මෑත කාලින ප්‍රවේශයකින් වේ. එහෙයින් කොලඹ ප්‍රදේශය යන්න නාගරීකරණ වූ ප්‍රදේශයක් ලෙස සංවර් ධනය කල යුත්තේ පාරිසරික සංරක්ෂණය කෙරෙහි අවදානය යොමු කරමිනි. නමුදු පාරිසරික වටිනාකම් වලින් සංලක්ෂිත වූ පාරිසරික සංවේදී ස්ථානයක් වන බේරේ වැවට  නාගරික මල අපද්‍රව්‍ය ඇතුළුව මල අපවහන පද්ධති හැරවීම , කසළ බැහැර කිරීම නිසා සිදු වී ඇති ජල දුෂණය හේතුවෙන් එම කොළඹ ප්‍රදේශය තුල ඇති කරනු ලබන අයෝජන ව්‍යාපෘති සදහාද වැඩි බලපෑමක් ඇති කරයි. අධික දුර් ගන්ධය හා ජලයේ ගුණාත්මකභාවය අවම වීම, වැසි හේතුවෙන් ඇති වන ගං වතුර නිසා අත් විදීමට සිදු වන සනිපාරක්ෂක ගැටළු නාගරික පැල්පත් වාසීන්ට ඇති වීම, නාගරීකරණය කළමනකරණය සදහා බලපෑම , මත මෙම ගැටළුව තිරසාර සංවර්ධනයටද අභියෝගයක් වේ.  ඒ අනුව එය ආර් ථික සංවර්ධනය ඇතුළු අනාගත පරම්පරාව උදෙසා පවතින ජල සම්පත කෙරෙහිදී අගතිගාමී ලෙස බලපානු ලබයි.

නිර් දේශයන් සහ නිගමනයන්

අන්තර් ජාතික නීතීන් ඔස්සේ ලංකාවේ පාරිසරික නීතිමය රාමුවේ ගැටළු හදුනා ගනිමින් නෛතික විභවයන් මෙහිදී යෝජනා කරනු ලබයි .ඒ අනුව The General Comment No. 15 adopted by the Committee on Economic, Social and Cultural Rights in 2002 තුල “මිනිසාට ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට  ජලය සඳහා ඇති මානව අයිතිය අත්‍යවශ්‍ය වන බවත් එය අනෙකුත් මානව හිමිකම් සාක්ෂාත් කර ගැනීම සඳහා පූර් ව අවශ්‍යතාවයක් බවත් දක්වා ඇත.

ඒ අනුව ලංකාව තුල ආමන්ත්‍රණය නොවූ නව අයිතිවාසිකම් ප්‍රවේශයක් ඇති කල යුතුය.එනම් නීතිමය ආරක්ෂාවක් ලබා දීම සඳහා  ජල දූෂණයට එරෙහිව සාමාන්‍ය පුරවැසියාට දූෂිත නොවන ජලය භුක්ති විඳීමේ අයිතිය සහතික කරන සහ ජලය සඳහා ඇති අයිතිය පිළිගැනීම කල යුතුයි. නාගරීකරණය වීම මත ඇති වූ කාර් මික අපජලය හේතුවෙන් පරිසර දූෂණයෙන් පැන නගින සෞඛ්‍ය උවදුරුවලට එරෙහිව සෞඛ්‍යයට ඇති අයිතියද යන අයිතිවාසිකම යන්නද පිළිගනිමින් ශ්‍රී ලංකාවට ජලය සහ සෞඛ්‍යය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වෙනම අයිතිවාසිකම් ද්විත්වයක් ඇතුළත් කිරීම හෝ  නැතහොත් පරිසරයට සහ ජීවිතයට ඇති අයිතියේ විෂය පථය තුළ ඒවා ඇතුළත් කිරීමට අධිකරණයට හැකි වන පරිදි ව්‍යවස්ථා සම්පාදනය කල යුතුය.

රියෝ ප්‍රකාශනයේ 15වන මුලධර්මය අනුව පරිසරය ආරක්ෂා කිරීම සඳහා, රාජ්‍යයන් විසින් ඔවුන්ගේ හැකියාවන් අනුව පූර් ව ආරක්ෂණ ප්‍රවේශය පුළුල් ලෙස යෙදිය යුතුය. ඉහත ප්‍රතිපාදනය ප්‍රකාරව අප රටේ පාරිසරික දුෂණය අවම කිරීමෙහිලා පාරිසරික බලපත්‍ර හා පාරිසරක තක්සේරු වාර් තා ලබා ගැනීම හදුන්වා දී පැවතියද තත් කාලින නාගරීකරණයට ලක් වන ලද සමස්ත පරිසර පද්ධති කෙරෙහි අදාල නොවීම අඩුපාඩුවක් ලෙස දැක ගත හැකියි.

පුර් ව නිවාරණ නීතිමය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, නාගරීකරණ වූ පරිසර කලාප තුල ඇති ජලජ පරිසර කලාප(ඇල,ගඟා ,වැව්) ආදිය හදුනාගනිමින් ,විද්‍යාත්මක බාවය පරික්ෂා කරමින් පුර් ව නිවාරණ ප්‍රවේශයන් ඇති කළ යුතුය. එනම්, විධිමත් ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රම, විෂ ද්‍රව්‍ය වැවට මුදා හැරීම තහනම් කිරීම සහ නිකුත් කළ හැකි වෙනත් විෂ ද්‍රව්‍යවල ප්‍රමාණය පිළිගත හැකි මට්ටමකට අඩු කිරීම ආදී වූ තත් කාලීන ජල දුෂණය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති හා පළාත් පාලන ආයතන වලට ගැසට් පත්‍ර සම්පාදනය කල යුතුය.

රියෝ ප්‍රකාශනයේ 11 මුලධර්මය අනුව  රාජ්‍ය පාර් ශවයන් විසින් පරිසර ප්‍රමිති, කළමනාකරණ අරමුණු සහ ප්‍රමුඛතා පිළිබිඹු කරමින් ඒවා අදාළ වන පාරිසරික හා සංවර් ධන සන්දර්භය සලකා බලමින් ඵලදායී පාරිසරික නීති සම්පාදනය කළ යුතුය. 

 ලංකාව සංවර් ධනය වෙමින් පවතින රටක් ලෙස සුදුසු තාක්ෂණික ක්‍රම යොදමින් යෝග්‍ය පාරිසරික නීතින් සම්පාදනය නොවීම අඩුපාඩුවක් ලෙස දැකිය හැකියි. ඒ අනුව යෝග්‍ය පාරිසරික නීතියක් ලෙස ජල දුෂණය ප්‍රමුඛ කරමින් එය වැළක්වීමේ පනතක්(Water pollution prevention Act) සම්පාදනය කල යුතුය. ජල දුෂණය වැලැක්වීම සම්බන්ධයෙන් පනතක් නොපවතින අතරම එලෙස දුෂණයට ලක් වූ පසු එය නැවත යථා තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපාදන,විශේෂයෙන් අරමුදල් රැස් කිරීම හෝ වන හානි සදහා හානි පුරණය කිරීමේ ප්‍රතිපාදනයන් නොමැති බැවින් සුදුසු පාරිසරික ප්‍රමිතීන් සලකා බලමින් නීතියක් සම්පාදනය කල යුතුය. උදාහරණ ලෙස බේරේ වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා, ඇල්ගී වර් ධනය පාලනය කිරීමේ මාර් ග ,ජල තත්ත්ව ප්‍රමිතිය සහතික කිරීම සඳහා සවිස්තරාත්මක උපාය මාර් ග සහ අධීක්ෂණ පද්ධතින්  තීරණය කිරීම, ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම, බේරේ පරිසර පද්ධතියට ඇති විය හැකි අවදානම තුරන් කිරීමේ කොන්දේසින් ලෙස ජල පෝෂක ප්‍රදේශය අවට ඇති අපජලය සහ ඝන අපද්‍රව්‍ය පාලනය කරන දඩ සහ ප්‍රතිපත්ති ඇතුළු පාරිසරික නීති රීති සහ රෙගුලාසි ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම ආදී දක්වමින් සමස්ත ජල දුෂණයට එරෙහි පනතක් සම්පාදනය කල යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28(ඊ) ව්‍යවස්ථාව ප්‍රකාරව ස්වභාව ධර් මය ආරක්ෂා කිරීම සියලු දෙනාගේම යුතුකමක් බව දක්වනු ලබයි. මේ සදහා බන්ධනියත්වයක් නොමැති වුවද රාජ්‍ය මෙන්ම ජනතාව ලෙස පරිසරය ආරක්ෂා කිරීමේ අයිතියක් සියලු දෙනාට පවතී. ඒ අනුව උක්ත රූප රාමුව තුල දක්වන ලද බේරේ වැවෙහි සිදු වී ඇති ජල දුෂණය විසදිමෙහිලා කසළ බැහැර කිරීම හෝ අප ජලය මුදා හැරීම කෙරෙහි පමණක් අවධානය යොමු නොකල යුතු අතර නාගරීකරණය වූ ප්‍රදේශයක් ලෙස එහි පාරිසරික තත්ව හා ගුණාත්මකබාවය, ඒ ආශ්‍රිත සංවර් ධනයන් ,මානව අවශ්‍යතාවයන් ආදී වූ සමාජීය ,විද්‍යාත්මක විෂයන් ගණනාවක් ඔස්සේ බහු විධ  විෂය ප්‍රවේශයක් ඔස්සේ නීතිමය ව්සදුම් සෙවීම කළ යුතුය.

ආශ්‍රිත මූලාශ්‍ර

  1. Water resource Board Act No 29 of 1964
  2. 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය
  3. 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත
  4. 1991 අංක 32 දරන දණ්ඩ  නීති සංග්‍රහය
  5. RIO DECLARATION ON ENVIRONMENT AND DEVELOPMENT,1992
  6. Ja Ela sewerage case(ongoing case) CA Writ 366/2022
  7. M.C Mehta vs Union of India AIR 1988 SC 1057
  8. Ravindra Gunawardena Kariyawasam v Central Environmental Authority and others (Chunnakam Power Plant Case) FR Application No. 141/2015 (SC., 2019)
  9. Mel. M. D ,Nishantha sirimanne,Judges and environment law,environmental Foundation Limited,2009E.AG.Ananda ,‘How to improve the quality and impact of the environmental audits Environmental Audit of Water Pollution in Beria Lake- Colombo Sri Lankan experience’ <https://environmental-auditing.org/media/5380/wg17-545-sri-lanka-paper.pdf > Accessed 15 August 2026
  10. Kokila Lankathilake Konasinghe& Asanka Amitharansy Edirisinghe, ‘Protecting Human Rights in the Light of Industrial Water Pollution: Sri Lankan Law and Obligations under International Law’, University of Colombo Review (Series III), Vol. 1, No. 1, 2020 < https://ucr.cmb.ac.lk/wp-content/uploads/UCR-HR-Water-Pollution.pdf > Accessed 15 August 2026
  11. පරිසර යුක්ති කේන්ද්‍රය , ‘පරිසරය නීතිය හා ඔබ’
  12. Mrs. Wasanthi Adikari Mr. S.I.P. Indika, Sustainable Housing and Urban Development,ppt
  13. W.A මිලානි,M.වන්දනා ,අබේසිංහ ,s කුමාරසිංහ, ‘කොළඹ නගරයේ නාගරීකරණය විකාශය සහ ඒ ආශ්‍රිත ගැටලු’http://uda.lk/reports/urbanization  page 13 Accessed 15 August 2026
  14. https://ejustice.lk/csos-review-on-national-accountability-mechanisms-for-sdg-06/ Accessed 15 August 2026
  15. An application of the sustainable assest valuation Methodology in Sri lanka: Assessing the economic value of restoring the ecological health of beira Lake in Colombo https://www.iisd.org/publications/report/application-sustainable-asset-valuation-savi-methodology-sri-lanka-assessing  Accessed 15 August 2026
  16. දිනමිණ , ‘ බේරේ ගදයි;හේතු මෙයයි’අප්‍රේල් 11 2016 <https://archives1.dinamina.lk/>
  17. විනිවිද, ‘අකලට මහළුව ජරා ජීර්ණ වූ බේරේ වැව් කොමළිය බේරා  ගත හැකි වේද?’දෙසැම්බර් 6 2023  https://www.vinivida.lk/
  18. 18 cities recognized for safeguarding urban wetlands | The Convention on Wetlands, The Convention on Wetlands (ramsar.org) Accessed 15 August 202
  19. Manishka De Mel,Nishantha sirimanne,Judges and environment law,environmental Foundation Limited,2009.page 43
  20. දිනමිණ , ‘ බේරේ ගදයි;හේතු මෙයයි’අප්‍රේල් 11 2016 <https://archives1.dinamina.lk/2016/04/11/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/14958 >
  21. විනිවිද, ‘අකලට මහළුව ජරා ජීර්ණ වූ බේරේ වැව් කොමළිය බේරා  ගත හැකි වේද?’දෙසැම්බර් 6 2023  https://www.vinivida.lk/%E0%B6%85%E0%B6%9A%E0%B6%BD%E0%B6%A7-%E0%B6%B8%E0%B7%84%E0%B7%85%E0%B7%94%E0%B7%80-%E0%B6%A2%E0%B6%BB%E0%B7%8F-%E0%B6%A2%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB-%E0%B7%80%E0%B7%96-%E0%B6%B6%E0%B7%9A/
  22. E.AG.Ananda ,‘How to improve the quality and impact of the environmental audits Environmental Audit of Water Pollution in Beria Lake- Colombo Sri Lankan experience’ <https://environmental-auditing.org/media/5380/wg17-545-sri-lanka-paper.pdf > Accessed 15 August 2026
  23. 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත ,23(ඌ)වගන්තිය
  24. Water resource Board Act No 29 of 1964,Section (1)(a),(b)
  25. 1991 අංක 32 දරන දණ්ඩ  නීති සංග්‍රහය
  26. 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය, 98 (1)(අ)වගන්තිය
  27. FR Application No. 141/2015 (SC., 2019)
  28. AIR 1988 SC 1057
  29. CA Writ 366/2022
  30. Manishka De Mel,Nishantha sirimanne ,Judges and environment law,environmental Foundation Limited,2009 page 43
  31. W.A මිලානි,M.වන්දනා ,අබේසිංහ ,s කුමාරසිංහ, ‘කොළඹ නගරයේ නාගරීකරණය විකාශය සහ ඒ ආශ්‍රිත ගැටලු’http://uda.lk/reports/urbanization  page13 Accessed 15 August 202
  32. https://ejustice.lk/csos-review-on-national-accountability-mechanisms-for-sdg-06/ Accessed 15 August 2026
  33. An application of the sustainable assest valuation Methodology in Sri lanka: Assessing the economic value of restoring the ecological health of beira Lake in Colombo https://www.iisd.org/publications/report/application-sustainable-asset-valuation-savi-methodology-sri-lanka-assessing  Accessed 15 August 2026
  34. Mrs. Wasanthi Adikari Mr. S.I.P. Indika, Sustainable Housing and Urban Development,ppt
  35. Kokila Lankathilake Konasinghe& Asanka Amitharansy Edirisinghe, ‘Protecting Human Rights in the Light of Industrial Water Pollution: Sri Lankan Law and Obligations under International Law’, University of Colombo Review (Series III), Vol. 1, No. 1, 2020 < https://ucr.cmb.ac.lk/wp-content/uploads/UCR-HR-Water-Pollution.pdf > Accessed 15August 2026 RIO DECLARATION ON ENVIRONMENT AND DEVELOPMENT,1992